කායික සබඳතාවක් නැතිව 13 හැවිරිදි දැරියක් ගැබ්ගනියි

කායික සබඳතාවයක් නොමැතිව අවුරුදු 13ක් පමණ වයසැති දැරියක් ගැබ්ගැනීමේ සිද්ධියක් පිළිබඳව වෛද්‍යවරු සහ හෙට්ටිපොළ පොලිසිය ඊයේ විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කළහ.

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතා ඊයේ (19දා) අපට හෙළි කළ පරිදි මෙම දැරිය දින කීපයක් තිස්සේ බඩ රිදෙන බව පැවසීම නිසා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

වෛද්‍යවරයා කළ පරීක්ෂණ අනුව ඇයට මාස දෙකක දරු ගැබක් පිහිටා තිබූ බවට තොරතුරු අනාවරණය වූ බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය. මෙම සිද්ධිය පිළිබඳව දැරියගෙන් ප්‍රශ්න කර ඇතත් ඇය මේ පිළිබඳව කිසිදු තොරතුරක් සඳහන් කර නැත.

ඇයගේ මව්පියෝද දැරියගේ නිර්දෝෂි බව පොලිසියට පුන පුනා පවසා තිබේ.

දැරිය කුලියාපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර ඇය කායික වශයෙන් එක්වීමක ලකුණු නැතැයි එහිදී අනාවරණය කරගෙන ඇත.

2 thoughts on “කායික සබඳතාවක් නැතිව 13 හැවිරිදි දැරියක් ගැබ්ගනියි

  1. වෙන්න බැහැ ..අනිවාර්යයෙන්ම වෙනත් මාර්ගයකින් හෝ එය සිදුවිය යුතුව ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *