ජර්මනියෙන් ජනපති අනුරට උණුසුම් පිළිගැනීමක්

ජර්මනියේ සංචාරයක නිතර වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) පස්වරුවේ ජර්මානු ජනාධිපති Frank Walter Steinmeier මහතා හමු වී තිබේ.

බර්ලිනයේ බෙල්වීව් මන්දිරයේදී මෙම හමුව සිදුව ඇති අතර, එහිදී පැවති නිල රාජ්‍ය පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇත.

ශ්‍රී ලංකා – ජර්මානු අතීත මිතුදම ශක්තිමත් කරගනිමින් දෙරට අතර ආර්ථික හා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම මෙන්ම වෘත්තීය පුහුණු සහ සංචාරක කර්මාන්ත යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳ මෙහිදී අවධානය යොමුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *