ජනපති අනුර සහ ජපන් අගමැති අතර හමුවක් පැවැත්වෙයි

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (29) ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) මහතා හමුවී තිබේ.

මෙහිදී දෙරටේ ආර්ථිකය, ආයෝජන, සංවර්ධන සහයෝගිතාව සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කර තිබේ.

මෙම සාකච්ඡා සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව යන මහත්වරු සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *