මහනුවර දිස්ත්‍රික්කයේ පවතින දැඩි වාහන තදබදයට තිරසර විසඳුම් ලබාදීම සහ ආපදාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘති කිහිපයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) ආරම්භ කෙරේ.
ඒ අනුව මහනුවර සිට කටුගස්තොට දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පවතින අධික වාහන තදබදය අවම කිරීම සඳහා මහයියාවේ පවතින පටු බිම්ගෙය අසල නව උමං මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු පෙරවරු 11.30ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.
වසර ගණනාවක් පුරා මැතිවරණ පොරොන්දුවකට පමණක් සීමා වී තිබූ මෙම ව්‍යාපෘතිය, වත්මන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීමත් සමඟ මෙලෙස යථාර්ථයක් බවට පත්වෙමින් තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ රුපියල් මිලියන 699.6ක පිරිවැයක් වැය කරමින් කොන්ත්‍රාත් සමාගම් දෙකක් මඟින් මෙහි ඉදිකිරීම් සිදු කිරීමට නියමිතය.
මීට සමගාමීව, යුරෝ මිලියන 40ක දැවැන්ත ආයෝජනයකින් ඉදි කෙරෙන ගැටඹේ ගුවන් පාලමේ වැඩ ආරම්භ කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරේ.
යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව,‘Rebuilding Sri Lanka’ වැඩසටහන යටතේ ආපදාවලින් පූර්ණ හානි වූ නිවාස සඳහා වන්දි පිරිනැමීම සහ නව නිවාස ඉදිකිරීමේ මහනුවර දිස්ත්‍රික් වැඩසටහන ද ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. ගලගෙදර නිවාස ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම පස්වරු 3.30ට සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.