තෙදින නිල සංචාරයක් සදහා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා පිටත් වීමට නියමිත ය.
මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා ඩුබායී හී පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිත ය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන් ගේ ආරාධනයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කරන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මෙම සංචාරයේ දී ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වන තවත් රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.