දූෂිත නිලධාරී යාන්ත්‍රණයට ඉක්මනට වෙනස් වෙන්න වෙයි – ජනපති අනුර කියයි

පාස්පෝර්ට් දෙපාර්තමේන්තුවෙි හොර පාස්පෝර්ට් හැදූ රේගුවෙන් භාණ්ඩ එළියට දැමූ නිලධාරී යාන්ත්‍රණයට අලුත් වෙන්නට කාලය ඇවිත් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (5) පැවසීය.

දූෂිත නිලධාරී යාන්ත්‍රණය පරණ පුරුදු අතහැර වෙනස් නොවුනහොත් රජය මැදිහත් වී වෙනස් කරන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ කෑගල්ල නිදහස් මාවතේ අද  පැවැති ජගත් පරිසර දින සැමරුම් උලෙළට එක් වෙමිනි.

 “ ප්ලාස්ටික් භාවිතය දුරලමු” යන ජාත්‍යන්තර පරිසර දින තේමාවෙන් සහ  “දලුලන්න – ඉඩදෙන්න” යන ලාංකික තේමාව යටතේ මෙවර පරිසර දිනය සමරනු ලබයි.

 කොන්ක්‍රීට් ප්ලාස්ටික් මත විනාශයට පත් වූ පරිසරය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෑම දෙනාටම පුරවැසි වගකීමක් තිබෙන බව ජනාධිපතිවරයා  පැවසීය.

පොදු ජාතික විඤ්ඤාණයකින් යුතුව මිහිතලය සමඟ සාමය ගොඩ නැඟීමේ වගකීමක් වත්මන් පරපුරට තිබෙන බව කී ජනාධිපතිවරයා  ඒ සඳහා සියලු දෙනා භේද ඉවතලා එක්විය යුතුව තිබෙන බව කීය.

පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්ම මහත්මීන් ද ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *