මෙවර අය-වැයෙන් නව බදු නෑ, පවතින බදුත් අඩු කිරීමට අවධානය – ජනපති අනුර කියයි

එළැ­ඹෙන අය­-වැ­යේදී නව බදු හඳුන්වා නොදීම රජයේ අපේ­ක්ෂාව බවත්, පනවා ඇති ඇතැම් බදු ප්‍රති­ශත අඩු කිරී­මට ඉදි­රි­යේදී අව­ධා­නය යොමු කරන බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ජපා­නයේ වෙසෙන ශ්‍රී ලාංකි­ක­යන් හමුවේ ප්‍රකාශ කළේය.

ජපා­නයේ සංචා­ර­යක නිර­තව සිටින ජනා­ධි­ප­ති­ව­රයා එහි සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව ටෝකියෝ හි Reiyukai ශාලා­වේදී ඊයේ (28) හමු විය. එහිදී ජනා­ධි­ප­ති­ව­රයා පැව­සුවේ එළියේ ගොඩ­නැ­ඟෙන ආර්ථි­කය තුළ ආර්ථික වර්ධන ඉලක්ක සපු­රා­ගැ­නීම රජයේ අපේ­ක්ෂාව වන බවයි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ජනා­ධි­ප­ති­ව­රයා මෙලෙස ද කීවේය.

“පසු­ගිය වසරේ රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳ­තා­වල සම­බ­ර­තාව ආරක්ෂා කර­ගැ­නී­මට ශ්‍රී ලංකාව සමත් වී තිබෙ­නවා. තව­දු­ර­ටත් ආර්ථි­කයේ සහ වෙළෙ­ඳ­පොළ තුළ ජාතික සීමා නොමැති ලෝක­යක රට­කට තනිව ඉදි­රි­යට යා නොහැ­කියි. යහ­පත් රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා තුළ ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඉහ­ළට ඔසවා තැබී­මට කට­යුතු කර­නවා.

එසේම රට ඉදි­රි­යට ගෙන යෑමට නම් ජාතික සම­ගිය නිර්මා­ණය කළ යුතුයි. රට තුළ කිසිදු ජාති­වාදී ගැටු­මක් උත්සන්න නොවූ වස­රක් ලෙස පසු­ගිය වසර ලංකා ඉති­හා­ස­යට එක් වෙනවා. ශ්‍රී ලංකාවේ ජීව­ත්වන සහ රටින් පිට සිටින කිසිදු ශ්‍රී ලාංකි­ක­යෙක් පෞද්ග­ලික වර­ප්‍ර­සාද හෝ වර­දාන අපේ­ක්ෂා­වෙන් වත්මන් රජය බල­යට පත් කර­ගැ­නී­මට කට­යුතු කළේ නෑ. එම සියලු දෙනා අපේක්ෂා කළ පරි­ව­ර්ත­නය වෙනු­වෙන් අද රජය කැපවී කට­යුතු කර­නවා. රජයේ වස­රක ගමන් මඟෙහි සාර්ථ­ක­ත්වය මැනිය යුත්තේ ඒ මත පද­න­ම්වයි.

රටේ බිඳ වැටුණු ආර්ථි­කය ගොඩ­න­ඟ­මින් ආර්ථික ස්ථාව­ර­ත්වය ඇති කිරීම, නීතියේ විධා­නයේ ආධි­ප­ත්‍යය තහ­වුරු කිරීම, දූෂණ වංචා­ව­ලින් තොර පාල­න­යක් ඇති කිරීම, රාජ්‍ය යන්ත්‍ර­ණය කාර්ය­ක්ෂම කිරීම වැනි ජන­තාව අපේක්ෂා කළ නව පරි­ව­ර්තන වෙනු­වෙන් ඉකුත් වසරේ රජය සැල­කිය යුතු වැඩ කොට­සක් ඉටු කර තිබෙ­නවා. ගොඩ­නැ­ඟෙ­මින් තිබෙන ශ්‍රී ලංකා­වට නොබි­යව පැමිණ ආයෝ­ජ­නය කර, රට දින­වීමේ ගමනේ කොට­ස්ක­රු­වන් බවට පත්වන ලෙසත් ජපා­නයේ වෙසෙන ශ්‍රී ලාංකි­ක­ය­න්ගෙන් ඉල්ලා සිටි­නවා. ඒ වෙනු­වෙන් අවශ්‍ය සියලු පහ­සු­කම් සපයා දීමට රජය සූදා­නම්.”

ජපා­නයේ ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය සහ ස්වේච්ඡා සංවි­ධා­න­වල එක­මු­තු­වෙන් සංවි­ධාන කර තිබූ මේ හමු­වට ජපා­නයේ වෙසෙන මහා සංඝ­ර­ත්නය, ආග­මික පූජ­ක­ව­රුන්, වෘත්තී­ය­වේ­දීන්, විශ්ව­වි­ද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරි­සක් එක්ව සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *