ජනපති අනුරගේ සමස්ත කාර්ය මණ්ඩලය 21 යි – තොරතුරු දැනගැනීමේ පනතෙන් හෙළි වෙයි

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටින ලද, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය පිළිබද විස්තර, තොරතුරු නිළධාරී, ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් විසින් ලබා දී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය 21 දෙනෙකුගෙන් යුක්ත ය.

ඉන් හය දෙනෙකු කිසිදු වැටුපක් හෝ දීමනාවක් නොලබා ගරු සේවයක් ලබා දෙන අයයි.

අනෙක් අය අතරින්, රජයේ වාහනයක් භාවිතා කරනු ලබන්නේ එක් අයෙකු- පමණි. ඒ, ජනාධිපතිවරයාගේ නීති උපදේශක පමණි.

ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය තුළ ප්‍රවාහන දීමනා ලබා ගන්නා කිසිවකු නැත.

වැටුප් ලබන අයගෙන් ඉහළම වැටුපක් ලබා ගන්නා නිළධාරියාගේ මාසික වැටුප රුපියල් 75,000 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *