ජනාධිපති අරමුදල ගමට යෑම අදින් අරඹයි

ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවාව ආරම්භ කිරීම අද (07දා) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් ලබාදීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරු 10.00ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන මෙම වැඩසටහන අනතුරුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 361 පුරා උපකාර්යාල ලෙස ක්‍රියාත්මක කරමින් සේවා සැපයීමට සැලසුම් කර තිබේ.

කොළඹට පමණක් සීමා වී තිබූ ජනාධිපති අරමුදලේ කාර්යාලයේ සේවා සැපයීම නව ඩිජිටල්කරණ වැඩපිළිවෙළ යටතේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි සේවාවක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අරමුදලේ ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ මහතා පවසයි.

මෙය ක්‍රියාවට නැංවීමෙන් පසු ඕනෑම අයකුට තමාගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමන්ගේ ප්‍රදේශයෙන් පිට සේවාව ලබාගැනීමේ හැකියාව ලබාදී ඇති බවද රොශාන් ගමගේ මහතා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *