ආපසු දෙන්නම් කියා ඉල්ලා ගත් ජනාධිපති අරමුදලේ ලක්ෂ 246කට හිටපු අගමැතිවරයෙක් සහ මන්ත්‍රීවරයෙක් පොලු තියයි

ජනාධිපති අරමුදලෙන් ණය පහසුකම් ලබා දීමේ හැකියාවක් නොතිබිය දීත්, හිටපු අග්‍රාමාත්‍යවරයෙකුට සහ පාර්ලිමේන්තු- මන්ත්‍රීවරයෙකුට එම අරමුදලෙන් රුපියල් ලක්ෂ 246 ක ණය මුදලක් ලබා දී ඇති බව වාර්තා වේ.

මෙම ණය මේ දක්වා යළි අයකරගැනීමක්ද සිදුකර නැත.

ජාතික විගණන කාර්යාලය විසින් කරන ලද විගණනයකින් මේ බව අනාවරණය කරගෙන ඇත.

ආපසු අයකර ගැනීමේ පදනම අදාල මන්ත්‍රීවරයාට ණය මුදල නිකුත් කර තිබෙන්නේ 2015 වසරේ දී ය. එම මුදල රුපියල් ලක්ෂ 109 කි.

ආන්දෝලනාත්මක අග්‍රාමාත්‍යවරයාට ණය මුදල ලබා දී ඇත්තේ 2012 මඑ 2014 යන වසරවලදී ය. එම අවස්ථා දෙකේ දී ඔහු වෙනුවෙන් මුදා හැර ඇති මුදල රුපියල් ලක්ෂ 298 කි.

ඉන් රුපියල් ලක්ෂ 137 ක් ලබා දී ඇත්තේ නැව අය කර ගැනීමේ පදනම මතයි. නමුත් අදාල මුදල 2025 වසරේ ජූනි මාසය දක්වා පියවා නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *