ජනපති අනුරගේ නියෝගයෙන් අරලියගහ මැදුර පාරත් වසර 19කට පසුව විවෘත කරයි


2005 වසරේදී වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් ඊයේ (04) සවස ජනතාව සදහා විවෘත කර තිබෙනවා.

ආර්.ඒ.ද මෙල් මාවතේ සිට අරලියගහ මන්දිරය හරහා මයිකල් වට රවුමේ සිට රොටුන්ඩාව වට රවුම දක්වා මාර්ගය මෙසේ විවෘත කර ඇති බවයි සඳහන් වන්නේ.

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත මෙම මාර්ගය වසා දැමුණා.

කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි පොලිසිය විසින් මෙම මාර්ගය විවෘත කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *