තීරු බද්ද 20% දක්වා අඩු කරගත් හැටි ජනපති අද පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

ට්‍රම්ප් පරිපාලනය විසින් මෙරට අපනයන මත පැනවූ 44% ක තීරුබද්ද 20% දක්වා පහත දමා ගැනීම සම්බන්ධයෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වේ.

විපක්ෂය විසින් ගෙන ඒමට නියමිත රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වන කල්තැබීමේ විවාදයේ දී ජනාධිපතිවරයා සිය අදහස් දැක්වීම සිදු කරනු ඇත.

මුල් අවස්ථාවේ දී 44% ක් ලෙස නියමකර තිබුණු ලංකාවේ අපනයන මත වන තීරු බද්ද, පසුව 30% දක්වාත්, ඉන් පසුව එය 20% දක්වාත් අඩුකර කිරීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කළේ ය.

ඒ බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, එක්සත් ජාතික පක්ෂය, නාමල් රාජපක්ෂ සහ විමල් වීරවංශ ඇතුළු පාර්ශ්ව කිහිපයක්, බදු අඩුකර ගැනීම සදහා එක්සත් ජනපදය සමග ඇති කරගත් එකගතා හෙළි කරන ලෙස රජයට බල කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *