බංකොලොත් වූ රට සංවර්ධනය කරන උපායමාර්ග රජය සතුයි – ජනපති IMF නියෝජිතයන්ට කියයි

ආර්ථික වශ­යෙන් බංකො­ලොත් වී තිබූ රට ඉන් මුදා­ගෙන සංව­ර්ධ­නය කරා රැගෙන යෑම රජයේ ප්‍රධාන අර­මු­ණක් බවත්, ඒ සඳහා උපා­ය­මා­ර්ගික වැඩ­පි­ළි­වෙ­ළක් රජය සතු බවත් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අව­ධා­ර­ණය කළේය.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නියෝ­ජි­ත­යන් අතර ජනා­ධි­පති කාර්යා­ල­යේදී ඊයේ (07) පැවැති සාක­ච්ඡා­වේදී මෙම කරුණු අනා­ව­ර­ණය විය.

ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­රණ ක්‍රියා­ව­ලි­යේදී ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ හය වැනි වාරි­කය ලබා­දී­මට පෙර පැවැ­ත්වෙන පස් වැනි සමා­ලෝ­ච­නයේ මධ්‍යම අදි­යර වෙනු­වෙන් මෙම සාක­ච්ඡාව පැවැ­ත්විණි. එම වැඩ­පි­ළි­වෙළ සාර්ථක කර­ගැ­නීමේ ක්‍රියා­ව­ලි­යේදී ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ලබා දෙන සහාය ඉතා අගය කරන බව ද ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කළේය.

ආර්ථික පුන­ර්ජී­ව­න­යක් අත්පත් කර දිය හැකි රටක් ලෙස මේ රට සංව­ර්ධ­නය කිරී­මට නම් ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල ලබාදී ඇති ඉලක්ක ද අභි­බවා යෑමේ අව­ශ්‍ය­තාව රජය හඳු­නා­ගෙන ඇති බවත්, ඒ සඳහා විධි­මත් වැඩ­පි­ළි­වෙ­ළක් රජය සතුව ඇති බවත් ජනා­ධි­ප­ති­ව­රයා එහිදී පෙන්වා දුන්නේය.

ආර්ථික පුන­ර්ජී­ව­න­යක් අත්ක­ර­ගැ­නීමේ ඉල­ක්කය සපුරා ගැනී­මට නම්, දේශීය හා විදේ­ශීය ආයෝ­ජ­ක­යන් තව­දු­ර­ටත් කැඳවා ගත යුතුව ඇති බව පෙන්වා­දුන් ජනා­ධි­ප­ති­ව­රයා ඒ වෙනු­වෙන් ආයෝ­ජ­න­යට හිත­කර පරි­ස­ර­යක් රට තුළ නිර්මා­ණය කළ යුතුව ඇති බව ද අව­ධා­ර­ණය කළේය.

බිඳ­වැටී තිබූ මෙරට ආර්ථි­කය ගොඩ­ගැ­නී­මට රජය ගෙන ඇති පිය­වර පිළි­බඳ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ නියෝ­ජි­තයෝ අගය කළ අතර ඒ සඳහා ඉදි­රි­යේදී අනු­ග­ම­නය කළ යුතු ක්‍රියා­මාර්ග පිළි­බ­ඳව ද දෙපා­ර්ශ්වය තව­දු­ර­ටත් සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකා රජය වෙනු­වෙන් කම්කරු අමාත්‍ය හා ආර්ථික සංව­ර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් අමා­ත්‍යාං­ශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරි­ය­ප්පෙ­රුම, ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ අති­රේක ලේකම් ආර්. අපොන්සු, ජනා­ධි­පති ජ්‍යේෂ්ඨ උප­දේ­ශක දුමින්ද හුලං­ග­මුව, මහ­බැංකු අධි­පති ආචාර්ය නන්ද­ලාල් වීර­සිංහ මහ­ත්වරු ඇතුළු නිල­ධා­රීන් පිරි­සක් ද, ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල වෙනු­වෙන් එහි දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou, එහි මෙරට නිත්‍ය නියෝ­ජිත Martha woldemichael ඇතුළු නියෝ­ජි­තයෝ පිරි­සක් මෙම අව­ස්ථා­වට සහ­භාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *