සුන්බුන් එකතුවක් රටේ ජනවරමට අභියෝග කරන්නේ කෙසේදැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කර සිටියි.
ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (14) කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සරයට සහභාගි වෙමිණි. මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ඇමැති විජිත හේරත් මහත්වරුන් සහ එහි සාමාජික, සාමාජිකාවෝ රැසක් ද අදහස් දැක්වූහ. විදෙස්ගතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික, සාමාජිකාවෝ ද මෙම අවස්ථාව සඳහා අන්තර්ජාලය හරහා සම්බන්ධ වූහ.