දේශබන්දු ඉවත් කිරීමට ජනපති අත්සන් කරයි – නව පොලිස්පතිගේ නම ඉදිරි පැය කිහිපයේදී ව්‍යවස්ථා සභාවට

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් පහකිරීමට අදාළව ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අත්සන් තබා ඇත.

පාර්ලිමේන්තුව තුළ වැඩි ඡන්ද 177කින් සම්මත වූ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව කතානායකවරයා විසින් ජනාධිපති වෙත යොමු කිරීමෙන් පසු එම නියෝගයට අත්සන් තබා ඇත.

මෙම තීරණය හේතුවෙන්, දේශබන්දු තෙන්නකෝන් මහතාට හිමිව තිබූ විශ්‍රාම වැටුප් සහ ආරක්ෂාව ඇතුළු සියලුම වරප්‍රසාද අහිමි වනු ඇත.

පුරප්පාඩු වූ පොලිස්පති ධුරය සඳහා නව නාමයෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත අද දිනයේ යොමු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැනට ලැබී ඇති තොරතුරු අනුව, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ඇතුළුව නම් හයක් මේ සඳහා යෝජනා වී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *