ටෙලිකොම්,එයාර් ලංකා,රක්ෂණ සහ ලංකා හොස්පිටල් විකුණන්න පසුගිය රජය ගත් තීරණය අත්හිටුවයි

ශ්‍රී ලංකා ටෙලිකොම්” එයාර් ලංකා සමාගම” රක්ෂණ සමාගම් සහ ලංකා හොස්පිටල් සමාගම් විකිණීමට පසුගිය රජය ගත් තීරණ ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (02) දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා ටෙලිකොම්” එයාර් ලංකා සමාගම” රක්ෂණ සමාගම් සහ ලංකා හොස්පිටල් සමාගම් විකිණීමට පසුගිය රජය ගත් තීරණ ක්‍රියාත්මක නොකරන්නැයි ඉල්ලමින් දොස්තර ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරීය ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නාය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබෙකොන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි. දොස්තර ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් වගඋත්තරකරුවන් වශයෙන් පසුගිය රජයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *