බන්ධනාගාර ලොක්කන්ගේ අයථා වත්කම් සොයන්න – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

බන්ධනාගාර නිලධාරීන් සහ වෛද්‍යවරුන් අයථා ලෙස වත්කම් උපයා ඇත්නම්, ඒ පිළිබඳ පරීක්‍ෂා කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින්, ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, බන්ධනාගාර කොමසාරිස්, අතිරේක බන්ධනාගාර කොමසාරිස්වරුන්, බන්ධනාගාර තුළ සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්, බන්ධනාගාරවල අධිකාරිවරුන් සහ සහකාර බන්ධනාගාර අධිකාරිවරුන්, ප්‍රධාන ජේලර්වරුන් සහ බන්ධනාගාරවල ලියාපදිංචි ජේලර්වරුන්ගේ වත්කම් පිළිබඳව සොයා බලා නීති විරෝධී උපයා ගැනීම් සිදුකර ඇත්නම්, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව පුරවැසි බලය සංවිධානයේ සභාපති, ජාමුණි කමන්ත තුෂාර මහතා ‘දිවයින’ට සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *