සම්මානිත මහචාර්ය සුමනපාල ගල්මංගොඩ අභාවප්‍රාප්ත වෙයි

බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රකට විද්වතෙක් වන කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යායන අංශයේ හිටපු අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජකීය පණ්ඩිත, සුමනපාල ගල්මංගොඩ මහතා අභාවප්‍රාප්ත විය.

මෙරටින් බිහිවූ බුද්ධිමතෙක් මෙන්ම පාලි හා බෞද්ධ අධ්‍යායන ක්ෂේත්‍රයේ ඉතා දුලබ ශාස්ත්‍රඥඥනයකු ලෙස සැළකෙන ගල්මංගොඩ මහතා ආයුර්වේද වෛද්‍යවරයෙක් වේ.

ඒ මහතා එම විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කළ අතර නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ද කළේය.

ගල්මංගොඩ මහතා බෞද්ධ දර්ශනය පිළිබඳ දේශකයෙක් ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කඩවත, ඇල්දෙණිය සුසාන භූමියේදී අද (28) සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *