ආපදා තත්ත්වයේදී පවා 3% ඉක්මවූ ආර්ථික වර්ධනයක් – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල කියයි

ගංවතුර, නායයෑම් වැනි ආපදා තත්ත්වය යටතේ පවා 3%ක් ඉක්මවූ ආර්ථික වර්ධනයක් කරා රට ගමන් කළ හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය. පවතින තත්ත්වය හමුවේ පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ආරම්භයේදී සඳහන් කළ 3.5%කට ආසන්න ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ හැකි බවත් ආපදා තත්ත්වය නොතිබුණා නම් 5% ඉක්මවූ වර්ධනයක් කරා යෑමේ හැකියාව තිබූ බවත් ඒ මහතා සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා මෙසේ ද පැවසීය,

“2025 වසරේ තෙවන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව එම කාර්තුව තුළ 5.4% වගේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයක් රට තුළ පෙන්නුම් කර තිබෙනවා. මෙම වර්ධනය සඳහා කෘෂිකර්ම අංශයේ 3.6%ක්, කර්මාන්ත අංශයේ 8.1%ක් සහ සේවා අංශයේ 3.5%ක ආසන්න වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

2025 පළමු කාර්තුවේ වර්ධනය සැලකූ විට 4.8%ක වර්ධනයක්, දෙවැනි කාර්තුවේ 4.9%ක වර්ධනයක් තුන් වැනි කාර්තුවේ 5.4%ක වර්ධනයක් හතර වැනි කාර්තුවේ බොහෝ විට අපට 5%ක් ඉක්මවූ වර්ධනයකට යෑමේ හැකියාව තිබුණා. පැවති ගංවතුර ආපදා තත්ත්වය යම් ආකාරයක බාධා කිරීමක් සිදු කර තිබෙන බව පැහැදිලියි. රට තුළ මේ ආපදා තත්ත්වය ඇති නොවූයේ නම්, මෙම වසර තුළ 5%කට වඩා වැඩි ආර්ථික වර්ධනයක් කරා ළඟා වීමට ඉඩකඩ තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *