ලාභ ලබන සිය­ලුම ලංගම ඩිපෝ­වල සේව­ක­යන්ට බෝනස් ලබා දෙන්න තීරණය කරයි

ලාභ ලබන දිව­යිනේ සිය­ලුම ලංගම ඩිපෝ­වල සේව­ක­යන්ට බෝනස් මුද­ලක් ලබා දීම­ටත් පාඩු ලබන ලංගම ඩිපෝ­වල සේව­ක­යන්ට දීම­නා­වක් ලබා දීම­ටත් කැබි­නට් අනු­මැ­තිය ලබා ගැනී­මට කට­යුතු කරන බව ප්‍රවා­හන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණ­සේන මහතා පැවැ­සීය.

නාව­ල­පි­ටිය ලංගම ඩිපෝවේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක් වෙමින් අමා­ත්‍ය­ව­රයා මේ බව සඳ­හන් කළේය. ලංගම සේව­ක­යන්ට රජය විසින් ලබා­දෙන බව පැවසූ බෝනස් මුදල නොලැ­බුණු බවට ඩිපෝ සේව­ක­යන් නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා හමුවේ පැව­සී­මත් සමඟ ඇමැ­ති­ව­රයා ඒ බව සඳ­හන් කළේය.

නාව­ල­පි­ටිය ලංගම ඩිපෝවේ දැනට පව­තින අඩු­පා­ඩු­කම් සපු­රා­ලී­මට කට­යුතු කරන බවත්, එම අඩු­පා­ඩු­කම් සපු­රා­ලී­මෙන් අන­තු­රුව නාව­ල­පි­ටිය ලංගම ඩිපෝවේ ආදා­යම් තත්ත්වය ඉහළ දැමී­මට සේව­ක­යන් කැප­වී­මෙන් කට­යුතු කළ යුතු බවත් අමා­ත්‍ය­ව­රයා කියා සිටි­යේය. මහ­නු­වර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී තුෂාරි ජය­සිංහ මහ­ත්මිය ද මෙම අව­ස්ථා­වට එක්වූ­වාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *