රජයේ ආදායම වැඩිකරගන්න දේපළ බද්දකුත් එයි

2025 වසරේ දී දේපළ බදු ක්‍රමයක් ක්‍රියාවට නැංවීම, රජයේ ආදායම් ඉහළ නැංවීමේ ක්‍රියාවලියේ වැදගත් කොටසක් වනු ඇති බවත් ඊට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බවත්, ඓMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් පවසයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වූ මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ පළමු සමාලෝචනය පිළිබඳව දැනුම් දීම සඳහා අද (13) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය. 

එමෙන්ම මේ වසරේ සහ පෙර වසරේ දැනටමත් සිදු කර ඇති සියලු ප්‍රතිසංස්කරණ අනුගමනය කරමින් 2025 දී දේපළ බද්ද ක්‍රියාවට නැංවීම ආදායම් ඉහළ නැංවීම් වැදගත් කොටසක් වන බව ද ඔහු සඳහන් කළේය. 

එය ඉතා දිගු හා සංකීර්ණ ක්‍රියාවලියක් බවත් එවැනි බද්දක් ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා දේපළ පිළිබඳ නිසි ලේඛන තිබිය යුතු බවත් ඔහු පැවසුවේය. 

එමෙන්ම මෙම බද්ද පැනවීම සඳහා නිසි තක්සේරු පද්ධතියක් තිබිය යුතු බවත් එය විශාල ධනයක් ඇති අයගෙන් වැඩිපුර බදු අය කර ගැනීමේ ආකාරයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *