රට­පුරා උද්ඝෝ­ෂණ පවත්වා සජිත් ජන­පති කර ජන­තා­වට සහන දෙනවා – චරිත් අබේසිංහ ප්‍රංශයේ සිට කියයි

ජන­තාව පීඩා­වට පත් කිරීම සම්බ­න්ධ­යෙන් රජ­යට එරෙ­හිව සමගි ජන බල­වේ­ගය විසින් ඉදි­රි­යේදී රට පුරා උද්ඝෝ­ෂණ මාලා­වක් ක්‍රියා­ත්මක කරන බවත් මීළඟ ජනා­ධි­පති ධුරය සජිත් ප්‍රේම­දාස මහ­තාට ලබා­ගෙන ජන­තා­වට සහන ලබා­දෙන ආණ්ඩු­වක් පිහි­ටු­වී­මට කට­යුතු කරන බවත් එම පක්ෂයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී චරිත් අබේ­සිංහ මහතා පැරි­සි­යේදී පවසා තිබේ.

සමගි ජන බල­වේ­ගයේ ප්‍රංශ ශාඛාවේ සුහද හමු­වක් පැරිස් නුවර ගැමියා අව­හ­න්හ­ලේදී පැවැති අව­ස්ථාවේ ඊට සහ­භාගි වෙමින් ඒ මහතා මේ බව කියා ඇත.

එහි දී වැඩි­දු­ටත් අද­හස් දැක්වූ චරිත් අබේ­සිංහ මහතා මෙසේද කීවේය.

“රාජ­ප­ක්ෂ­ව­රුන්ට එරෙ­හිව ‘ගෝඨා ගෝ හෝම්’ (Gota Go Home) යනු­වෙන් හඬ නඟ­මින් සහ ඔවුන්ගේ නිවාස ඉදි­රි­පි­ටට ගොස් විරෝ­ධතා පව­ත්ව­මින් එම අර­ග­ලය ආරම්භ කළේ සමගි ජන බල­වේ­ගය ඇතුළු කණ්ඩා­ය­මයි. එදා ගෝඨාගේ ආණ්ඩුව පෙර­ළී­මට සමගි ජන බල­වේ­ගය කට­යුතු කළා. නමුත් අපි ගහ හෙල්ලු­වට ගෙඩි වැටෙ­න­කොට සරම ඇල්ලුවේ වත්මන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තායි. අපට එහිදී දේශ­පා­ලන වාසිය ලබා ගන්න බැරි වුණා. නමුත් දැන් ඔහු බලය ලබා­ගෙන ජන­තාව පීඩා­වට පත්ක­ර­මින් නොහැ­කි­යාව පෙන්නුම් කර­මින් සිටි­නවා. ඊට එරෙ­හිව සමගි ජන බල­වේ­ගය ප්‍රමුඛ විප­ක්ෂය ඒකා­බ­ද්ධව දැවැන්ත උද්ඝෝ­ෂණ මාලා­වක් රට පුරා දියත් කිරී­මට බල­පො­රොත්තු වෙනවා. ඉදිරි කාල­යේදී ඒ පිළි­බඳ ජන­තා­වට දැක­ගන්න පුළු­වන් වේවි. ඒකා­බද්ධ විප­ක්ෂයේ වැඩ­පි­ළි­වෙළ පිළි­බඳ රනිල් වික්‍ර­ම­සිංහ මහතා කිසිදු ඍණා­ත්මක ප්‍රකා­ශ­යක් සිදු කර නැහැ. සමගි ජන බල­වේ­ගය සියලු පක්ෂ ඒකා­බද්ධ කර­ගෙන දැවැන්ත උද්ඝෝ­ෂණ ව්‍යාපා­ර­යක් ආරම්භ කර­නවා. ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *