සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අද (01) උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර ඇත.ඒ අනුව ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් වැඩිකර තිබේ.
එහි නව මිල රුපියල් 366කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 38කින් ඉහළ දමා ඇත.එහි නව මිල රුපියල් 464කි.ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් ඉහළ දමා ඇත.
එහි නව මිල රුපියල් 358කි.සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 41කින් ඉහළට දමා ඇත.එහි නව මිල රුපියල් 475කි.භූමිතෙල් ලීටරයක මිල රුපියල් 11කින් පහත දමා ඇත.එහි නව මිල රුපියල් 236කි.