ගම බලාගන්න,ගමේ සාමය රකින්න මහජන ආරක්ෂක කමිටු හදයි

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සියළුම ග්‍රාම නිලධාරී කොට්ඨාශයන් වල මහජන ආරක්ෂා කමිටු පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා පවසයි.

ඊට අදාළ චක‍්‍රලේඛය කඩිනමින් නිකුත් කරන බවත් හෙතෙම පැවසුවේය.

“ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙලේ ගමේ කමිටුවක් අපි හදනවා. ඒ ගමේ කමිටුවට පැවරෙන කාර්ය ගම බලාගන්න චක්‍රලේඛනයක් එළිදක්වනවා. මහජන ආරක්ෂක කමිටුව අපි හදනවා ගමේ. ලොකු ලොකු ගැටුම් තියෙනවා. ඒවා සමාලෝචනය කරගන්න අපි මහජන ආරක්ෂක කමිටුව හදනවා. මේකේ කවුද ඉන්නේ ? ගමේ ග්‍රාමසේවක, ප්‍රාදේශීය ලේකම් මේක ගයිඩ් කරනවා. ඒ විතරක් නෙමෙයි ගමේ ඉන්නවා මත්ද්‍රව්‍ය නිවාරණයට අයෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, එයත් මේකේ සාමාජිකයෙක් වෙනවා. ඊට අමතරව වැඩිහිටියෙක් සභාපති කරගන්නවා. කාරක සභාවක් අපි පත්කර ගන්නවා. ගමේ සාමය තියා ගන්න වෙනමම කමිටුවක් අපි පත්කර ගන්නවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *