කෙහෙල්බද්දර පද්මේ සමග සබදතා පැවැත්වූ දේශපාලනඥයින් ගැන විමර්ෂණ සාර්ථකයි – ඇමති ආනන්ද විජේපාල

රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සැකකරුවන් සතුව තිබී සොයාගත් ජංගම දුරකථන 30ක දත්ත ඔස්සේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

මෙම විමර්ශනවලදී අදාළ අපරාධකරුවන් සමඟ සමීප සබඳතා පැවැත්වූ දේශපාලනඥයින් කිහිපදෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බවත්, මේ වන විට ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමේ කටයුතු සාර්ථකව සිදුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *