2016 ජනවාරි මස 01 වැනි දිනට හෝ ඉන් පසු රාජ්‍ය සේවයට බඳවා ගත් සියලු නිලධරයන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම් ලැබෙන පරිදි පත්වීම් ලිපි සංශෝධනය කිරීමට රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඊට අදාළ චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර ඇත.
ඒ අනුව 2016 ජනවාරි මස 01 වැනි දිනට හෝ ඉන් පසු රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද සියලු රාජ්‍ය නිලධරයන්ට විශ්‍රාම වැටුප් හිමිකම ලැබෙන පරිදි පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් පිළිබඳ වගන්තිය සංශෝධනය කෙරෙයි. එසේම ඉදිරියේදී රාජ්‍ය සේවයට බඳවා ගනු ලබන නිලධරයන්ගේ පත්වීම් ලිපිවල ද විශ්‍රාම වැටුප් පිළිබඳ වගන්තිය මෙලෙස සංශෝධනය කිරීම අනිවාර්ය වන බව අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.
යහපාලන රජය සමයේදී නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් වූ අය-වැය යෝජනාවක් අනුව 2016 ජනවාරී 1 සිට රාජ්‍ය සේවයට බඳවා ගන්නා නිලධාරීන්ට විශ්‍රාම වැටුප් ඉවත් කර තිබිණි.
නමුත් වසර ගණනක් ගත වුවද ඔවුන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කර නැති බැවැනි පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුරු කර අදාළ පත්වීම් ලිපිවල විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් පනවා තිබූ කොන්දේසිය සංශෝධනය කිරිමට වත්මන් රජය 2026 අය-වැය මඟින් යෝජනා කර තිබිණි.
ඒ අනුව 2016 වර්ෂයේ ජනවාරි මස 01 වන දිනට පසුව රාජ්‍ය සේවයට බඳවා ගනු ලැබූ සියලුම නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප් හිමිකම ලබාදීමට රජය පියවර ගෙන තිබේ.