මගී බස් රථවල රියදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ජංගම බස් රථයක් හදුන්වා දෙයි

මගී බස් රථ වල සිටින රියදුරු සහ කොන්දොස්තරලා මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබේද යන්න පරීක්ෂා කිරීමේ ජංගම බස් රථයක් හදුන්වාදීම අද (24) දින ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.

ජංගම බස් රථය මගින් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී අහඹු ලෙස තෝරා ගත් බස් රථවල සේවයේ නිරතව සිටින රියදුරු සහ කොන්දොස්තරවරයාගේ කෙටි පරීක්ෂණයක් මගින් එම රියැදුරු කොන්දොස්තර මත්ද්‍රව්‍ය ලබාගෙන ඇත්දැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය පහසුකම් එම බස් රථය තුළ ඇත.

පළමු කාල සීමාවේදී බස් රථවල රියදුරු කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීම සිදුකොට ඉන් අනතුරුව වෙනත් රථවාහනවල ගමන් ගන්නා රියදුරන්ද මත්ද්‍රව්‍ය ලබා ගෙන ඇද්දයි පරීක්ෂා කිරීමට කටයුතු සිදු කිරීමේ සැලැස්මක් පවතින බවද මෙහිදී අදහස් දක්වමින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති යූ.ජී.සී පෙරේරා මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *