පොදු ප්‍රවාහනය සදහා ඔන්ලයින් ටිකට් ක්‍රමවේදයක් හදන්න තීරණය කරයි

විධිමත් පොදු ප්‍රවාහනයකට මගීන්ගේ සුව පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් තීරණ රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රධානත්වයෙන් මූලික පියවර ගැනුණා. ඒ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ පළාත් 09 යට අදාළ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන්වල සභාපතිවරු සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

මෙම තීරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික වැඩකටයුතු කඩිනමින් සකසන ලෙස දැනුම් දුන් අමාත්‍යවරයා මේ තීරණ ක්‍රියාත්මක කිරීමට අදාල ප්‍රගතිය නිතර සොයාබලන් ලෙසද නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව එහිදී අදාළ නිළධාරීන් සමග සාකච්ඡාවෙන් අනතුරුව එළඹි විශේෂ තීරණ පහතින්.

* පුත්තලම මාර්ගයේ ඒකාබද්ධ කාල සටහන ඉක්මනින් ක්‍රියාත්මක කිරීම.

* සියලු බස් රථ තනි සංගමයක් යටතේ ධාවනය කර ලාභය බෙදාදීම යටතේ 138 බස් මාර්ගයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීම.

* බස් රථ සඳහා GPS හා CCTV සවි කිරීම විධිමත් කිරීම.

* විධිමත් ලෙස Online ticket booking සඳහා ක්‍රමවේදයක් (Digital අමාත්‍යාංශය සමග එක්ව) සැකසීම.

* බස් රථ වල රියදුරන්ගේ Random drug and Alcohol test සිදු කිරීම.

* Ticket machine මගින් නිකුත් කරන ටිකට් පත් අනිවාර්ය කිරීම(යම් කාලයක් ලබා දී)

* මගී ප්‍රවාහන බස් රථ සඳහා Specification සෑදීම.

* බස් රථ රියදුරන්ගේ ආසන පටි අනිවාර්ය කිරීම.

* නව බස් රථ සඳහා මාර්ග හදුනා ගැනීම.

* සියලුම බස් රථ වල වැරදි දැනුම් දීමට whatsapp අංක ලබා දීම(NTC, SLTB සහ පලාත් 9 සඳහා) හා ඒවා බස් රථ වල ප්‍රදර්ශනය කිරීම.

One thought on “පොදු ප්‍රවාහනය සදහා ඔන්ලයින් ටිකට් ක්‍රමවේදයක් හදන්න තීරණය කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *