ක්‍රීඩකයන් හඩා වැටුණු අයුරු මට දරා ගන්න බැහැ – පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ලද පරාජය ක්‍රිකට් ක්‍රීඩාව දේවත්වයෙන් සලකන ඉන්දියාවට එල්ල වුණු දරුණු ප්‍රහාරයක් විය. එම පරාජය දරා ගන්නට ඉන්දීය ප්‍රේක්ෂකයන්ට මෙන්ම ක්‍රීඩකයන්ට ද නොහැකි වුණි. ඔවුහු කඳුළු සැලූහ. සුසුම් හෙලූහ. එහෙත් ගිය කුසලානය නැවත ගන්නට නොහැක. ඔවුහු අනුශූරයෝය.

ලෝක කුසලාන පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩාගාරයේදී හඬා වැටුණු බවත් එය තමන්ට දරාගත නොහැකි වූ බව ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු රාහුල් ද්‍රාවිඩ් පවසයි. වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් සිරාජ් තරග පරාජයෙන් පසු කඳුළු සලන අයුරු සජීවීව දක්නට ලැබිණ. ඇත්තටම ඒක කනගාටුයි. මුළු කණ්ඩායමම බලවත් චිත්ත පීඩාවට ලක් වෙලා සිටියා. මේ කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් මම හොඳින් දන්නවා. ඒක නිසා මේක දරා ගන්න අමාරුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *