රාජගිරියේ මාරක රිය අනතුරට එරෙහිව පාඨලී දැමූ අභියාචනය ඉවත දමයි

තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුකළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍රය ගොනු කර තිබුණි.

එමෙන්ම මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රය විභාගයට ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොළඹ මහාධිකරණයට නියම කර ඇත. 

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *