රාජගිරිය වාහන තදබදය අඩු කරන්න ද්විත්ව මංතීරු සහිත පාලමේ වැඩ වේග­වත් කරයි

රාජ­ගි­රිය මංස­න්ධියේ දෛනි­කව පවත්නා අධික රථ­වා­හන තද­බ­දය අවම කිරී­මට සැල­සුම් කර­මින්  කොළො­න්නාව ඇළ මාර්ගය හරහා රුපි­යල් මිලි­යන 2,598ක් වැය කර­මින් ද්විත්ව මංතීරු සහිත නව පාලමේ ඉදි­කි­රීම් මේ වන විට වේග­වත් කර ඇත.

මීටර් 600ක දිග­කින් යුත් මේ පාලමේ පළල මීටර් 10කි. ශ්‍රී ලංකා රජයේ දේශීය මූල්‍ය ප්‍රති­පා­දන යටතේ මේ පාලමේ ඉදි­කි­රීම් කට­යුතු සිදුවේ.

මේ නව පාලමේ ඉදි­කි­රීම් කට­යු­තු­වල ප්‍රග­තිය සොයා­බැ­ලීමේ නිරී­ක්‍ෂණ චාරි­කා­වක ප්‍රවා­හන හා මහා­මාර්ග නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණ­සේන මහතා පෙරේදා (12) නිරත විය.

ඇතු­ළු­කෝට්ටේ – අංග­ම්පි­ටිය සහ රාජ­ගි­රිය – නාවල පාසල් මාවත නව පාලම මඟින් සම්බන්ධ කෙරේ.

ප්‍රවා­හන,මහා­මාර්ග,වරාය සහ සිවිල් ගුවන් සේවා අමා­ත්‍යාං­ශයේ මූලි­ක­ත්ව­යෙන් මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ ඉදි­කි­රීම් අංශයේ සේවා දාය­ක­ත්ව­යෙන් ක්‍රියා­ත්මක මේ පාලම් ව්‍යාපෘ­තියේ සංව­ර්ධන කට­යුතු මේ වන විට 94% කින් පමණ අව­සන් කර ඇත.මීට සම­ගා­මීව කෝට්ටේ අංග­ම්පි­ටිය, නාවල පාසල් මාවත ඇතුළු ප්‍රවේශ මාර්ග ද සංව­ර්ධන කෙරේ.

මේ නිරී­ක්‍ෂ­ණ­යට එක්වූ නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා මෙසේ පැව­සීය.

“පසු­ගිය රජය සමයේ ඇතිවූ ආර්ථික අර්බුද සමඟ නතර කර තිබූ මේ පාලමේ සංව­ර්ධන කට­යුතු දැන් අරඹා තිබෙ­නවා. සංව­ර්ධන කට­යු­තු­ව­ලට අවශ්‍ය මුදල් රජය සතුව පව­ති­නවා. තනි ආය­ත­න­යක් විදි­හට,  මහා­මාර්ග සංව­ර්ධ­න­යට විශාල මූල්‍ය ප්‍රති­පා­ද­න­යක් වෙන් වී තිබෙ­නවා. නාස්තිය, දූෂ­ණය අවම කර­මින් රජය ආර්ථික දර්ශ­ක­ව­ලට ළඟා­වෙ­නවා.

ජාතික ප්‍රස­ම්පා­දන කාර්ය­යන් විනි­වි­ද­භා­ව­යෙන් යුතුව කර­මින් රජය රටේ ආර්ථික සංව­ර්ධ­න­යට කැපවී සිටි­නවා. පසු­ගිය වස­රට සාපේ­ක්ෂව විය­දම් අඩු කරන අත­රම, ආදා­යම් මාර්ග වර්ධ­නය කිරී­මට කට­යුතු කර තිබෙ­නවා. විදේශ ප්‍රේෂණ, ඍජු විදේශ ආයෝ­ජන, රාජ්‍ය ආදා­යම වර්ධ­න­යට අවශ්‍ය පසු­බිම සකස් සකස් කර­මින් ඉලක්ක වෙත ගමන් කිරී­මට රජය සමත් වී තිබෙ­නවා.

ලංගම පෞද්ග­ලික බස් රථ සහ දුම්රිය සේවාව කාර්ය­ක්ෂම කිරී­මට අවශ්‍ය පිය­වර රජය විසින් ගනු ලබන බවත් එහිදී රජයේ ඉලක්ක වෙත යෑමට අවශ්‍ය විස­ඳුම් පරි­පා­ල­න­මය වශ­යෙන් ගැනී­මට සිදු­වෙ­නවා.”

මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ සහ රාජ්‍ය සංව­ර්ධන හා නිර්මාණ නීති­ගත සංස්ථාවේ නිල­ධා­රීහු රැසක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *