පොසොන් පෝය සතිය නිමිති කරගෙන ප්රජා සංවර්ධන වැඩසටහනක් ලෙස 18 දින ඔක්සිජන් දන්සලක් රාජාංගනය ප්රදේශයේදී පැවැත්විණි.
රාජාංගන ප්රාදේශීය සභාව මගින් මෙම දන්සල සංවිධානය කර තිබිණි. පරිසර හිතකාමී හා පරිසරය ආරක්ෂා කර ගැනීමට උපකාරී වන විශාල වටිනා පැළ වර්ග රාශියක් ප්රදේශයේ ජනතාවට ලබාදීමට මෙම දන්සල මගින් හැකි විය.
රාජාංගන ප්රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගි වූ අතර ප්රදේශයේ හා එම ජනතාවගේ ගෙවතු හා අවට පරිසරය ආරක්ෂා කර ගැනීමට මෙමගින් මහඟු පිටිවහලක් වන බව පැමිණි පිරිස ප්රකාශ කර සිටියහ. රාජාංගනය ප්රාදේශීය සභා ලේකම් සංජීවිනී විජේරත්න මහත්මියගේ ප්රධානත්වයෙන් හා එහි කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ප්රාදේශීය සභා පරිසරයේදී පැවැත්විණි.