දකුණු ඉන්දීය රංගන ශිල්පී තලපති විජේ මේ දිනවල රංගනයෙන් දායක වන වෙන්කට් ප්‍රභූ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘The Greatest Of All Time’ චිත්‍රපටයේ කොටසක් රූගත කිරීම සඳහා නුදුරු දිනයකදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට නිවේදනය කර තිබෙනවා.
එහිදී එම රූගතකිරීම් මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගණයකදී සිදු කිරීමට නියමිත බවයි ඉන්දීය සිනමා වාර්තාවන් පෙන්වා දෙන්නේ.
ඒ සඳහා එම චිත්‍රපට කණ්ඩායම ළඟදීම ශ්‍රී ලංකාවට පැමිණෙන බව නිවේදනය කර තිබෙනවා.
මේ තත්ත්වය තුළ විජේ රූගත කිරීම් සඳහා ලංකාවට පැමිණියහොත් ඔහු හමුවීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පවුලේ පිරිස උනන්දුවෙන් පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
ඒ සඳහා තලපති විජේ සම්බන්ධ කරගැනීමට ඔවුන් මේ වනවිටත් උත්සාහ කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
මේ වනවිට දේශපාලන පක්ෂයක් ආරම්භ කර ඇති තලපති විජේ මෙරටදී රාජපක්ෂ පවුලේ පිරිස හමුවුවහොත් එය ඔහුට දේශපාලන වශයෙන් පසුබෑමක් වනු ඇතැයි ඉන්දීය දේශපාලන ක්‍රියාකාරීහු අනතුරු හඟවනවා.