පොදු ජන පෙරමුණේ මංගල රැලිය අනුරාධපුරේ ලබන 21 වනදා සවස 2 ට පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා.
එදිනට ජනතාව පැමිණෙන බවත් ඒ වෙනුවෙන් සියළු දේ සුදානම් ඔහු කියා සිටියා.
ඔහු මාධ්‍ය වෙත අදහස් පල කරමින් පැවසුවේ මහින්ද රාජපක්ෂ ජනපතිට විරුද්ධව වැඩ කරපු අයට දේශපාලනිකව ඔළුව උස්සන්න බැරි බවය. අද නිදහස් පක්ෂයට වී ඇත්තේද එවැනිම් දෙයක් බව ඔහු අවධාරණය කර සිටියා.
එමෙන්ම මේ වන විට පොදු ජන පෙරමුණේ බිම් මට්ටමේ පිරිස් එක් රැස්ව ඇති බවත් සමහර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ළගට ගිය අය මේ වන විට යළි පක්ෂයට ඒමට එන්න කතා කර ඇති බව ඔහු කියා සිටියා. එමෙන්ම රනිල් වික්‍රමසිංහ ඉතා අඩු ඡන්ද මට්ටමකට වැටෙන බව ඔහු පවසා සිටියා.
මේ වන විට පොදු ජන පෙරමුණෙන් තරුණ ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ වටා හැමෝටම එක්වෙන්න අවස්ථාව තියෙනවා බව ඔහු අවධාරණය කළා.
එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වුණ දේ පොදුජන පෙරමුණට වෙන්න දෙන්නේ නැති බව මන්ත්‍රී ජොන්ස්ටන් කියා සිටියා.