අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවෙකු වශයෙන් නම්කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (අගෝ. 12) වරෙන්තු නිකුත් කර තිබේ.
සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබා දීම මගහරිමින් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබිණි.
නිසි නීතිමය ක්‍රමවේදවලින් බැහැරව කිරින්ද වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට බදු දී රජයට රුපියල් ලක්ෂ 263ක පාඩුවක් සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍යවරයා සැකකරුවෙකු ලෙස නම් කර ඇත.