අත්අඩංගුවට නොගන්නා ලෙස හිටපු ඇමති රාජිත අපේක්ෂිත ඇපයක් ඉල්ලයි

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ලබන 18 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අල්ලස් කොමිසම වෙත නොතීසී නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නියම කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *