දිගින් දිගටම සැඟවී සිටින්නේ නම් රාජිතගේ දේපල තහනම් කරන්න අල්ලස් කොමිසම සූදානම් වෙයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබියදීත්, ඔහු දිගින් දිගටම සැඟවී සිටියහොත් ඔහුගේ දේපළ රාජසන්තක කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බවට ආරංචි මාර්ග පවසනවා.

මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිත බවද වාර්තා වෙනවා.

අල්ලස් කොමිසම පසුගිය දිනවල සේනාරත්න මහතා සිටි බවට සැක කරන ස්ථාන කිහිපයක් පරීක්ෂා කළද, ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබෙනවා.

මීට පෙර හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද අත්අඩංගුවට ගැනීම සඳහා උත්සාහ කළ අවස්ථාවේ, ඔහු දිගින් දිගටම සැඟවී සිටීම හේතුවෙන් ඔහුගේ දේපළ රාජසන්තක කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු අධිකරණයට භාර වූ බව සිහිපත් කළ හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *