හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමය තුළ සුරක්ෂිත කළ ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොග අවසන් වූ පසු වත්මන් රජය දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට අපොහොසත් වුවහොත් සිදුවිය හැකි දේ පෙන්වා දුන් සේනාරත්න මහතා, “ගෝඨාභය රාජපක්ෂට වෙච්ච දේ මෙයාලට නොවෙන්න කිසිම හේතුවක් නෑ” යනුවෙන් සෘජු අනතුරු ඇඟවීමක් සිදු කළේය.