සුපිරිම රථයක් වන රේන්ජ් රෝවර් 150ක් ගෙන්වීමට ඇණුවම් ලැබෙයි

වාහන ආනයනයට අවසර දීමත් සමඟ සුපිරිම රථයක් ලෙස සැලකෙන නවතම රේන්ජ් රෝවර් රථ සඳහා විශාල ඉල්ලුමක් ලැබී තිබේ. මේ වන විට රේන්ජ් රෝවර් රථ 150කට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් ඇණවුම් ලැබී ඇත.

අධි සුඛෝපභෝගී කාණ්ඩයට අයත් රේන්ජ් රෝවර් රථයක මේ වන විට මිල රුපියල් මිලියන 147ක් හෙවත් ලක්ෂ 1470ක් පමණ වේ.

අදාළ වාහන මේ වන විට ඒජන්ත සමාගම් විසින් ඇණවුම් කර ඇති අතර, මැයි මස අවසානයේ හෝ ජූනි මස මුලදී එම වාහන මෙරටට ආනයනය කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *