අත්අඩංගුවේ සිටින සමන් ඒකනායක හමු වී හිටපු ජනපති රනිල් මාලිමා මැති ඇමතිවරුන්ගේ දූෂණ වංචා ලිපිගොනුවක් ඉල්ලයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම් වරයා ලෙස කටයුත-ු කළ සමන් ඒකනායක මහතා පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබී ය.

සමන් ඒකනායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ, ලන්ඩන් සංචාරය වෙනුවෙන් රුපියල් ලක්ෂ 160 කට ආසන්න මුදලක් අවභාවිතා කිරීමට, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙනි.

අත්අඩංගුවට ගත් සමන් ඒකනායක මහතා හමු වීමේ අවස්ථාව හිටපු ජනාධිපතිවරයා උදාකරගෙන තිබුණි.

කෙසේ වෙතත් එම හමුව සිදුව තිබුනේ බන්ධනාගාර නිළධාරීන්ගේ නිරීක්ෂණය යටතේ ය.

සමන් ඒකනායක මහතා හමු වූ හිටපු ජනාධිපතිවරයා, මාලිමා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ දූෂණ වංචා පිළිබදව සකස් කරන ලද ලිපි ගොනුවක් පිළිබදව ඔහුගෙන් විමසා තිබේ.

ඔහු එසේ කරන ලද්දේ, සැබැවින්ම එවැනි ලිපි ගොනුවක් පවතින නිසාද නැතිනම් ඔවුන් දෙදෙනාගේ සංවාදයට කන් යොමා සිටින බන්ධනාගාර නිළධාරීන්ට එවැනි යමක් පිළිබදව ඉගියක් දීමටද යන්න අපැහැදිලි බව මේ පිළිබදව වාර්තා කර තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *