රනිල්ගේ අයවැය පොතේ පිට කවරය වෙනස් කරලා – වජිර කියයි

මාලිමාවේ අයවැය රනිල් වික්‍රමසිංහ ජනපතිගේ අයවැයේම දිගුවක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

ආණ්ඩුව කර තිබෙන්නේ රනිල්ගේ අයවැය පොතේ පිට කවරයේ නම වෙනස් කිරීම පමණක් බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.

අය වැයේ අලුත් යෝජනාවකට ඇත්තේ ක්ලීන් ශ්‍රී ලංකා පමණක් බව කී අබේවර්ධන මහතා අස්වැසුම ආදී සියල්ල රනිල්ගේ යෝජනා බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයන්ට අනුව අයවැය ඉදිරිපත් කර තිබෙන බව කී වජිර අබේවර්ධන මහතා ආදායම් උත්පාදනය කරන යෝජනාවකට තිබෙන්නේ වාහන ගෙන්වීමේ සහ තීරු බදු පිළිබඳ යෝජනාව පමණක් බව සඳහන් කළේය.

රනිල් රට පාලනය කරන විට 2024 වසරේදී රටේ ආදායම හොඳ මට්ටමකට පැමිණි බව මාලිමා රජය පිළිගෙන ඇතැයි කී අබේවර්ධන මහතා වර්තමාන සමාජයේ තදින් තිබෙන හාල් පොල් ප්‍රශ්නයට අයවැයෙන් කඩිනම් විසඳුම් නැති බව පැවසීය.

අලුත් යෝජනා ඉදිරිපත් කරන්නට ලොකු දැනුමක් නැති බව අයවැයෙන් පෙනෙන්නට තිබෙන බව ද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *