ජනපති රනිල්ට තවත් අවුරුද්දක් බලයේ ඉන්න පොටක් හැදෙයි

ජනාධිපතිවරණය නියමිත පරිදි අදාළ කාලසීමාවදී පවත්වන බවට රජය ප්‍රකාශ කළද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් ජනාධිපති ධුර කාලය හා පාර්ලිමේන්තු ධුර කාලය දීර්ඝ කිරීමට රජය උත්සාහ දරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග උපුටමින් ඩේලිමිරර් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ජනාධිපති දුර කාලය තුනෙන් දෙකක බහුතරයකින් පමණක් දීර්ඝ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසීමට කටයුතු කරනු ඇති බවද වාර්තාව කියා සිටී.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ 19 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ දුර කාලය වසර හයක සිට පහ දක්වා අඩු කළේ ජනමත විචාරණයකින් හෝ ජනතා අනුමතයකින් තොරවයි.

ඒ අනුව වසර හයකින් ඔබ්බට ධුර කාලය දීර්ඝ කිරීමටද ජන මත විචාරණයක් පැවැත්විය යුතු වුවත් දැනට පවතින අවුරුදු පහක සීමාව වසර හයක් දක්වා ගෙන යාමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවනු ඇති බව මේ සදහා මතු කරන තර්කයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *