රනිල්ගේ එංගලන්​ත සංචාරය ගැන තීරණාත්මක සාක්ෂිය ලබා ගැනිම සදහා CID නිළධාරින් එංගලන්තය බලා පිටත්ව යයි

හිටපු ජනාධිපතිවරයාගේ ආන්දෝලනාත්මක බ්‍රිතාන්‍ය සංචාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. 

විමර්ශනය යොමු වී තිබෙන්නේ, වුල්වර්හැම්ටන් විශ්ව විද්‍යාලයෙන් හිටපු ජනාධිපතිවරයා වෙත එවා ඇති බව කියන ආරාධනා පත්‍රයේ සත්‍යතාවය පරීක්ෂා කිරීමයි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මෙසේ සිය විමර්ශන කණ්ඩායමක් එක්සත් රාජධානිය බලා පිටත්කර යවා ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්වත් කිරීමකින් තොරව බව පැවසේ. 

විමර්ශකයන් හෙට (සදුදා) දිනයේ දී එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්මියගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත ය. 

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ආන්දෝලනාත්මක බ්‍රිතාන්‍ය සංචාරය සිදුවන අවස්ථාවේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ලෙස කටයුතු කළේ සරෝජා සිරිසේනයි.

සිය බිරිදගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සදහා සිදු කළ සංචාරයක් වෙනුවෙන්, මහජන මුදල් රුපියල් ලක්ෂ එකසිය හැට හයක මුදලක් වැය කර ඇති බවට හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ජනාධිපතිවරයා මේ වන විට ඇප ලබා සිටියි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *