මෙරට ආර්ථිකය කඩාවැටීම වැළැක්විය නොහැකි බවත්, එම බිඳවැටීමෙන් පසු රට යළි ගොඩනැංවිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ මේ වන විටත් රට ක්‍රමයෙන් නතර වෙමින් පවතින අතර, එම ක්‍රියාවලිය පාලනය කිරීම අසීරු මට්ටමක පවතින බවයි.
රට සම්පූර්ණයෙන් නතර වන අවස්ථාවේදී එහි ‘එන්ජිම’ යළි පණගන්වා (Start කර) රට ඉදිරියට ගෙන යාමට සිටින එකම සම්පත රනිල් වික්‍රමසිංහ මහතා බව ඔහු සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඉතාමත් ශක්තිමත් මෙන්ම යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, රටේ වගකීම දැරීමට ඔහු සූදානම් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.