මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරමුණේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ ඒ එකඟතාවයට අනුව යැයිද අදාල නම යෝජනා කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැන්වා යැවූ බවද එම නිවේදනයේ සඳහන්.
”සන්ධානගත පක්ෂ සහ අප පක්ෂය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව අප පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු ධුරයට අයෙකු නම් කිරීමට අපට ඇති අයිතිය අනුව ක්‍රියා කිරීම වරදක් හෝ අත්තනෝමතික ක්‍රියාවක් ලෙස යමෙකු දකින්නේ නම් අපට කිව තැක්කේ අප විසින් අවබෝධතා ගිවිසුමට පරිබාහිරව හෝ ඊට හානි වන කිසිවක් සිදු කර නොමැති බවය.
2024 නොවැම්බර් 18 දින වන විට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර නම් කලයුතුව තුබුන නමුදු ඒ වන තෙක් සන්ධානයේ සෙසු පක්ෂ වල නියෝජනය මාවෙත දැනුම් දී නොතිබුන බැවින් අප පක්ෂය විසින් ගන්න ලද තීරණය වූ රවී කරුණානායක මහතාගේ නම් මැතිවරණ කොමිෂන් සභාව වෙත බාර දීමට කටයුතු කළෙමු. ඊට පෙරතුරව, අප පක්ෂය විසින් ස්තීර කරනු ලැබූ යෝජනාව ගරු රනිල් වික්‍රමසිංහ මැති තුමා වෙත දැන්වීමට කටයුතු කළෙමු. මෙම ජාතික ලැයිස්තු අපේක්ෂකයා නම් කිරීමේදී අප විසින් කිසිදු අනීතික හෝ අවබෝධතා ගිවිසුමට එරෙහිව කිසිදු ක්‍රියාවක් සිදු කර නොමැති අතර අප විසින් ක්‍රියාත්මක කලේ අපට ඇති අයිතිය පමණක් බව අවධාරණය කරමු”යැයි ඇය එම නිවේදනය මගින් පවසනවා.