පසුගිය බ්‍රහසුපතින්දා දිනයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, වජිර අබේවර්ධන, නාමල් රාජපක්ෂ, ජී.එල්.පීරිස් ඇතුළුව පක්ෂ විසි පහකට වැඩි ප්‍රමාණයක නායකයන් රැසක් කොළඹ ප්‍රමුඛ පෙලේ හෝටලයක දී රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී තිබේ.
මෙම හමුවේ දී විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධව, කොළඹදී දැවැන්ත මහජන රැළියක් පැවැත්වීම පිළිබදව සාකච්ඡා කෙරී ඇති බවත්, ඊට අමතරව විපක්ෂයට ඒකාබද්ධව කටයුතු කළ හැකි වෙනත් කලාප පිළිබදව සොයා බැලීම පිළිබදවද සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.