රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජාතික වස්තුවක් යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.
“ජාතිකවත් ජාත්‍යන්තරවත් ඉදිරිපත් කළ හැකි ජාතික වස්තුවක් රට සතුව තිබියදී, විහිළුකරුවන් විහිළු සම්පාදනය කිරීමට පටන් ගෙන තිබේ…” මන්ත්‍රීවරයා පවසයි.
“පන්තිභාර ගුරුවරයා නැති විට, පන්තියේ නායකයා එම ශිෂ්‍යයන් බලා ගනී.. නමුත් පන්තියේ සිසුන් පූර්ණ වශයෙන් ඔහුට කීකරු නොවේ. අකීකරු දරුවන් නැවත කීකරු වන්නේ ගුරුවරයා පන්තියට පැමිණි විටයි..!”
එසේ පවසන මන්ත්‍රීවරයා, පසුගිය අරගල සමයේ සිදුවූවේ ද එබදු දෙයක් යැයි පවසයි.
“ළමයි කලබල වුනා.. විදුහල්පතිවරයා ආවා. ළමයි වාඩි වුනා..!