සහන දීමේ විප්ලවයක් අරඹනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ජනතා සහන දීමේ විප්ලවයක් අප ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කුලියාපිටියේ දී අද (10) පැවසීය.

බින්දුවට වැටුණු රට ගොඩ නැගීමට සහය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,සමගි ජන බලවෙිගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලුම පාක්ෂික ජනතාවට ස්තුති කරන බව කී ජනාධිපතිවරයා තමා කිසි විටෙක පටු දේශපාලනයට හිර නොවන බව අවධාරණය කළේය.

“සැබෑව” යන තේමාවෙන් සංවිධාන කෙරුණු මැතිවරණ සටන ඇරැඹීමේ මෙම ප්‍රථම මහජන රැළිය කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගනයේදී අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

කුලියාපිටිය ප්‍රමුඛ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දහස් සංඛ්‍යාත ජනකායක් නගර සභා ක්‍රීඩාංගණයට රැස්ව සිටියහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *