හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගෙන් හෙට රටටම විශේෂ ප්‍රකාශයක්

යෞවන සමාජ බලමණ්ඩල පිහිටුවීමේදී ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හෙට දින (අගෝස්තු 10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ නිර්මාතෘවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර තිබෙන බවට තොරතුරු වාර්තා වේ. යෞවන සමාජ බලමණ්ඩල පිහිටුවීමේ ක්‍රියාවලියේ දී මතුව ඇති ගැටලු සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශය මගින් වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *