රනිල් වෙනුවෙන් නාමල් ඇතුළු හිටපු ඇමතිවරු අධිකරණයට

අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වන නඩුව මේ වන විට අධිකරණය තුළ විභාග වෙමින් පවතිනවා.

එවැනි පසුබිමක, හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විපක්ෂය නියෝජනය කරන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන් රැසක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණෙමින් සිටිනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සාගල කාරියවසම්, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *